කෘෂි කර්ම සම්මාන හිතවතුනට..!

By: headline24

Sep 30 2009

Category: Uncategorized

Leave a Comment »

සේවකයෝ ප්‍රශ්න කරති.

කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන ප්‍රදානය

ආරම්භයේ සිට අක්‍රමවත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් කෘෂි කර්ම

දෙපාර්ත්මේන්තුවේ නිලධාරින් සිය අප්‍රසාදය පල කරන බව වාර්තා වේ.
සම්මාන ලබා දීම නිමිත්තෙන්,සම්මානලාභීන් තොරා පත්කරගැනීමේ අවස්ථාව

2009-9-25 ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස මධ්‍යස්ථානයේ දී පවත්වා

තිබේ.ඒ සඳහා විනිශ්චය කරුවන් 5 දෙනෙකු සහභාගිවීමට නියමිතව තිබුනත්

සහභාගී වී ඇත්තේ 3 දෙනෙකු බව එහි සේවකයෝ පවස්ති.

සෑම වසරක ම සම්මානලාභීන් වීමේ වරප්‍රසාදය ලබන්නේ කෘෂි කර්ම

අධ්‍යක්ෂජනරාල්වරයාගේ හිතවතුන්ට හා ගන්නෝරුව හා බතලගොඩ

පර්යේෂණ ආයතන වල සේවය කරන නිලධාරින්ට පමණක් වීම කණගාටුවක්

බව එහි සේවකයන් හෙළි කරති.සමහර නිළධාරින් සිදුකරන පර්යේෂණ සඟවා

තම තමන්ගේ නම් යොදා ගැනීමට උත්සහ කරන බවද කියති.

මෙවැනි නිලධාරීන් සම්මාන ලාභීන් වශයෙන් තෝරාපත්කර ගන්නාලද්දේ ඔවුන්

පිළිබඳ සැබෑ තත්වය නොදන්නා නිසා බව ද මෙවැනි වංචා සඳහා සහාය දැක්වීම

සියල්ලට ම ගැටලුවක් බව ද කෘෂිකර්ම නිලධාරීහු ප්‍රකාශ කරති.

Leave a Reply

You must be logged in to post a comment.